නැවත ඉදරිපත්විය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසනවා
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නැවතත් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට මතයක් පවතින හෙයින් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. පිළියන්දළදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
මොකද මේ තරහා යන්නේ මේ දවස්වල?
නෑ කිසිම තරහක් ගියේ නෑ. පොඩි අය පොඩ්ඩක් හදන්න ඕනනේ වැරදි කළාම. පුතෙක් වගේනේ පොඩි එකා. බැන්නම මොකද වෙන්නේ.
19 වැනි ව්‍යවස්ථාව අනුව ඔබතුමාට නැවතත්...
ඉල්ලන්න පුළුවන් කියලා දැන් මතයක් තියෙනවා. මට නෙමෙයි හිටපු ඕන කෙනෙකුට.
ආරංචියක් තියෙනවා පක්ෂයේ කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොයලා බලනවා කියලා ඔබතුමාටත් ඉදිරිපත් වෙන්න පුළුවන්ද කියලා?
ඔව් ඔව් ඒකත් අපි බලනවා.
එහෙම වුණොත් හිටපු ජනාධිපතිතුමිය, ඔබතුමත් එනවා?
එනවද නැත්ද කියන එක පිළිබඳව පස්සේ බලන්නම්. හැබැයි අපි පුළුවන්කම ලබාගන්න ඕන මුලින්ම.
ඔබතුමා ප්‍රශ්ණ කිරීමටක ලක්වුණා. මෙය ඔබතුමා කොහොමද දකින්නේ?
මම හිතන්නේ එයාලට පොඩි මඩ පහරක් ගහන්නත් ඕනනේ. රජයේ අවශ්‍යතාවය සී.අයි.ඩී. එක ලවා කර ගත්තා.
විධායකජනපතිවරයා විසින් කරන වැරදි සම්බන්ධයෙන් ඔහුගේ නිල කාලයෙන් පස්සේ ප්‍රශ්ණ කිරීම් පවා මග හැරලා තියෙනවා නේද? ඒ සඳහා මොකක් හරි සංශෝධනයක් විය යුතුයි නේද?
ඒ කාලයේ සිදුවූ සිද්ධියකට මම මැදිහත් වෙලා තියෙනවා. මේක කවුරුද අරගත්තේ කියලා තාම සොයාගෙන නෑනේ. මට දන්වන එක හරි. මම පොලීසියට දන්වනවා මේක හොයන්න කියලා. පොලීසිය ඒක හොයනවා. ඒක පොලීසියේ වගකීම. මම මන්ත්‍රී කාලයෙත් බෙලිඅත්ත පොලීසිය කථා කරලා තියෙනවා ඕන තරම්. මේ මොකක්ද?

popular news
-
rocky Sunday, 19 August 2018 01:34 PM
අනේ මෙහෙම තණ්හාවක්!
Reply : 0 0
Champa Sunday, 19 August 2018 05:58 PM
හිටපු ජනාධිපතිතුමාගේ නීතිඥ මහත්වරු මොනව කිව්වත්, සාමාන්‍ය මිනිහෙක් විදියට බලපුවහම වුනත් කෙලින්ම පේනවා තුන්වෙනි වතාවට ඉදිරිපත් වෙන්න බැහැ කියලා කාටවත්. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙක්වත් නැහැ ඒකේ තියෙන දේවල් අතීතයට බලපාන්නේ නැහැ කියල. එහෙම විශේෂ සඳහනක් තිබුන නම් කතාව වෙනස් වෙනවා.අනිත් එක 19 ගෙනවහම 18 අහෝසි වුනා නේද? ඊටත් වඩා 19යෙ ගවන්ති අතීතයට බලපාන්නේ නැත්නම් ඒක ඔය තුන්වෙනි වර ඉල්ලන එකට විතරක් නෙමෙයි හැමේකටම බලපානවා. එහෙම වුනානම් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මෛත්‍රීගේ ධූර කාලය අවුරුදු 6ක් කියලා. සහ එහෙම වුනා නම් චන්දෙ තියන්නේ 2020 අග, 2019 අග නෙමෙයි. වෙනත් විදිහකට කියනව නම් ශ්‍රේෂ්ඨාධිකරණය පිලි අරන් ඉවරයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතීතයට සහ වර්තමානයට බලපානවා කියලා. ඒකයි මෛත්‍රීගේ ධූර කාලය අවුරුදු 5ක් කියලා තීන්දුව දුන්නේ. හැබැයි හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිවරනෙට ආවයි නාවයි කියලා නැහැ ලංකාවේ ඊළඟ ජනාධිපති කවුද කියල තීරණය කරන්නේ ඔබතුමා. හැබැයි ඔන්න අර අනිත් අහල පහල රටවල ඉස්සර තිබුන වගේ හමුදා පාලකයෙක්ව නම් තෝරාගන්න එපා. බලන්න පකිස්ථානෙත් අද ඉන්නේ සිවිල් පුරවැසියෙක් රටේ නායකයා වෙලා.
Reply : 0 0
Champa Monday, 20 August 2018 04:27 PM
ඉන්ද්‍රඛීලයට නොසැලෙන ----- මන්ද මාරුතය නොදැනෙයි ----- බින්ද කොටි බලය නොබියව ----- සිංහයෙකු වගේ ------------------- වැන්ද මුනිරදුන් බැතියෙන් ----- හිසේ අත තබා දිව්රම් ----- ඔබ-වින්ද වේදනා ලතැවුල් ----- නිම කරමි හිතේ ----------------- දුන්න මුළු රටට සාමය ----- හුස්ම රැඳි සියළු ජීවිත ----- රැකිය යුතු ඔබව සෙනෙහෙන් ------ පණට පණ වගේ ----------------- වෙන්න බෑ ඔබව අමතක ----- ඉන්න ඉවසලා ටිකකට ----- සිංහලේ උරුම ඔබටයි ----- (නිරිඳුනේ ---ගේ)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

