නවගත්තේගම වැවක තිබු අත් බෝම්බයක් පුපුරවා හරි
නවගත්තේගම පළුකදවැවේ ජලය ගලා එන ඇළ මාර්ගයක තිබු අත් බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද ( 3) දින උදෑසන ආරක්ෂීතව පුපුරවා හැරි බව නවගත්තේගම පොලීසය පවසයි.
නවගත්තේගම පළුකදවැවේ ඇළ මාර්ගයක තිබු මෙම අත් බෝම්බය අද දින උදෑසන ගවයින් තණ කැවිමට ගිය තරුණයකු දැක පොලීසියට දන්වා ඇති අතර පසුව පොලීසිය විසින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට දන්වා තිබුනී.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්රිය අංශයේ නිලධාරින් විසින් ආරක්ෂිතව අදාළ අත් බෝම්බය ජනතාව ඉවත් කිරීමෙන් පසුව පුපුරවා හැරි බව පැවසේ.
කිසියම් පුද්ගලයකු මෙම අත් බෝම්බය වැවේ ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි .

popular news
-
Kumar Saturday, 04 May 2019 07:51 PM
නවගතේගම තිබෙන්නෙ කැලේ මැදනේ. එම අත්බෝබය ඒ පැත්තේ මැරයෙකුට සතු එකක් වෙන්න ඇති. මම දන්නා තරමින් ඒ පැත්ත ඉස්ලාමීයි බක්තිකය සිටියේ නැත. සමහර ආනමඩුව සහ ගල්ගමුව අතර යනකෙනෙක් දමා යන්න ඇති.
Reply : 0 0
ranjith Sunday, 05 May 2019 02:06 PM
මෙරටේ සියලුම ගෙවල් පර්කීෂ කරලා අපරාද කාරයන්ගේ අවි අත්අඩංගුවට ගත්තනම් හොදි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

