නවක වදයට අනතුරු අඟවමින් යාපනය සරසවියේ පෝස්ටර් ඇලවේ
යාපනය විශ්වවිද්‍යාලයට ඇතුලුවන නවක සිසුන් වෙනුවෙන් නවක වදය ලබාදෙන්නවුන්ට දැඩි දඬුවම් ලැබෙනු ඇති බව දැනුවත් කරමින් නවක වදයට එරෙහිව අනතුරු අඟවා ඊයේ (10) රාත්‍රියේ යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ කිසියම් පිරිසක් විසින් පෝස්ටර් අලවා ඇත.
දෙමළ තරුණ සන්ධානය නමින් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කරන බවට යාපනය සරසවි භූමියේ පිහිටි පොදු ස්ථාන වල අදාළ පෝස්ටරය අලවා දැනුම් දී ඇත.
දෙමළ ජනතාවගේ සංස්කෘතිය රැකගැනීම හා යුද්ධෙන් පසුව නැවත පදිංචි වූ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට අවස්ථාව උදාවී ඇති මෙම මොහොතේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සරසවි වරම් ලබා පැමිණෙන නවකයින් වෙනුවෙන් නවක වදයක් ලබා දී එම සිසුන්ගේ මානසිකත්වය කඩාදමන පිරිස් වෙනුවෙන් ඉදිරියේදී දැඩි දඬුවම් ලබා දෙන බවටත් වහාම නවක වදය නැවැත්විය යුතු බවට අදාළ පෝස්ටර් ඇළවූ තරුණ දෙමළ සන්ධානය විසින් වැඩිදුරටත් දන්වා සිටියි.
පසුගිය දිනයන්හි යාපනය සරසවියේ කිලිනොච්චිය මණ්ඩපයේදී නවක සිසුන්ගේ නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් දැඩි නොසන්සුන් තත්ත්වයක් පැවති අතර එසේ නවක වදය දී පංති තහනමට ලක්වූ සිසුන් පිරිසකගේ නිවෙස් වෙතට නාදුනන පිරිස් විසින් ප්‍රහාර එල්ල කිරිම්ද වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
