නාවික රණවිරුවන් 59ක් සුවය ලබයි - සමස්තය 121යි
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 59 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (13දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 44 දෙනෙක් නාවික හමුදා මහ රෝහලෙහිද, 05ක් හෝමාගම රෝහලෙහිද, තිදෙනෙක් (03) මුල්ලේරියාව රෝහලෙහිද, තිදෙනෙක් (03) අයිඩීඑච් රෝහලෙහිද, දෙදෙනෙක් (02) වැලිකන්ද රෝහලෙහිද තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) ඉරණවිල රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි. ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික හමුදා පුද්ගලයින් 59 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 121ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

