නල ජලය ලබාදීමේ මූලික ගෙවීම රු 2500ක් දක්වා අඩුකෙරේ
නල ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8000 සිට රුපියල් 2500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
නව ජල සමබඳතාවක් ගැනීමේදී රුපියල් 20000ක මුදලක් ගෙවිය යුතු අතර එහිදී පළමු වාරිකය ලෙස රුපියල් 8000ක් ගෙවීමට සිදුවිය.
ඉතිරි මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවියයුතුව තිබුණි. කෙසේවෙතත් මූලිකව ගෙවිය යුතු මුදල රුපියල් 2500ක් දක්වා අඩුකර ඉතිරි රුපියල් 17500ක මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවාදැමීමට මේ හරහා පාරිභෝගිකයන්ට අවස්ථාව තිබේ.
මීට අමතර වර්ෂකයට නව ජල සබඳතා 110000ක් පමණ ලබාදෙන අතර එය 150000ක් දක්වා වැඩිකිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්රී ලංකාවේ ජනතාවගෙන් පවුල් මිලියන 2.4කට මේ වන විට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදී තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්රිකාව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
popular news
-
denin Friday, 06 March 2020 07:25 AM
පසුගිය වර බලයේ සිටිත්දී ඔය මුදල වැඩිකලෙත් තමුන්නාන්සේලමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

