නයාරු ගුරුකන්ද විහාරයේ සියළු ඉදිකිරීම් තාවකාලිකව නවත්වයි
මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සියළු ඉදිකිරීම් පෙබරවාරි 12 වැනිදා දක්වා සම්පූර්ණයෙන් නවතන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (24දා) දින නියෝග කර තිබේ. ඒ අනුව අද (25දා) දින උදෑසන සිට විහාරය අවට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමි මුලතිව් පොලීසියෙන් කරන ලද ඉල්ලීමකට අනුව අද උදෑසන සිට විහාර භූමියට ආරක්ෂවක් සපයා ඇත.
පසුගිය ජනවාරි 14 වැනිදා ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයට ඇතුලු වූ පිරිසක් බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකිරීමට මුල්ගලක් තැබීමට යෑමේදී ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් ගොනු කළ නඩු විභාගය ඊයේ (24දා) දින විභාගයට ගැණුනු අතර එහිදී මුලතිව් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව එලඹෙන 12 වනදා දක්වා නඩුව කල් ගිය අතර එදිනට විහාරස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙතින් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට සිටියේය.
ගැටළුව සම්බන්ධයෙන් මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් පවසා සිටින්නේ,
‘මේ නයාරු පන්සල තියෙන ස්ථානයට තමයි දළදා වහන්සේ වැඩම කරලා තියෙන්නේ. බුද්ධ වර්ෂ 244 ක කාලයේ ඉදලා අතීත සටහන් විහාරස්ථානයේ තියෙනවා.ඉස්සර පන්සලේ චෛත්‍යය පහක් තිබිලා තියෙනවා. ඒත් යුද්දේ කාලයේ එව්වා විනාශ වෙලා.
පුරාවිද්‍යාව පන්සල සීමාව අක්කර 93 කින් යුතුව 2013 අගෝස්තු 16 වැනිදා 1823/73 ගැසට් කරලා තියෙනවා. ඒත් එව්වා හොයලා බලන්නේ නැතුව දැන් මේ පිරිසක් ප්‍රශ්නයක් හදන්න උත්සහ කරනවා.
මම පන්සලට ආවේ දැනට අවුරුදු අටකට කලින්. යුද්දේ ඉවර වුණාට පස්සේ. මම දැන් පන්සල ටිකක් දියුණු කරගෙන යනවා. ඒකට තමයි ඔය කට්ටිය විරුද්ධවෙලා එක එක ප්‍රශ්න දාන්නේ. මම කියන්නේ ගැසට් කරපු පුරාවිද්‍යා ස්ථානය රැක ගන්න ඕනේ.ද ළදා වහන්සේ වැඩම කරපු ස්ථානය නැති වෙන්න දෙන්න හොඳ නෑ. ඒ ඉතිහාසය විනාශ කරන්න තමයි පිරිසක් උත්සහ කරන්නේ.”


popular news
-
Nandana Friday, 25 January 2019 05:52 PM
අනේ රටට ගිය කලක් ,අදාල ඇමතිය නපුර්සකයෙක්ද ?
Reply : 0 0
Champa Saturday, 26 January 2019 09:58 AM
ඇත්ත නේන්නම්. උතුරු නැගෙනහිර තියන අපේ පැරණි පන්සල් රැක ගන්න ඕනේ. බොහෝ පන්සල් කඩා බිඳ දමල හෝ එතන කෝවිල් හදල. මේ එඩිතර හාමුදුරුවෝ පන්සල රැක ගන්න තනියම දෙන සටනට සහයෝගය දෙන්න ඕනේ. පන්සල විතරක් තිබිල මදි. උතුර පන්සල් තියෙන හැම තැනකම ඉස්සර සිංහල ගම්මාන තිබිල තියෙනව. නැතුව කවදාවත් පන්සලක් තනියම තියෙන්නේ නැහැ. ඒ හින්ද උතුරු නැගෙනහිර පන්සලක් තියෙන හැම තැනම ඒ වටා සිංහලයන් නැවත පදිංචි කරන්න ඕන, පන්සලේ ආරක්ෂාවට සහ පුණ්‍යමය, දානමය කටයුතු වලට. අද සිංහල බෞද්ධයන්ගේ අයිතීන් ගැන කතා කරන්න කවුරුවත් නැහැ. එදා පටන්ම සිංහල නායකයෝ කලේ සිංහලයන්ව රවට්ටලා චන්ද අරගෙන සුළු ජාතීන්ගේ අයිතීන් කියලා අමුතු ජාතියක් ගැන කතා කරපු එක. දැන් අලුතම සංකල්පයක් හදාගෙන ප්‍රාදේශීය ජන සමාජ කියලා. මේවා කියන්නේ දෙමල හෝ මුස්ලිම් දේශපාලකයෝ නෙමෙයි අපි විශ්වාසය තියපු අපේම සිංහල නායකයෝ වෙච්ච එකයි වේදනාව. පන්සලට ගිහින් ව්‍යවස්ථාවක් එපා කියලා පල්ලියට ගිහින් ව්‍යවස්ථාවක් ඕන කියන, සිංහල ජාතිකත්වයටවිරුද්ධ, විධායක ජනාධිපති ධූරය නැති කරලා බලය පුළුවන් තරම් බෙදන්න ඕන කියලා කියන රාජපක්ෂ මහත්වරු වෙනුවට සිංහල බෞද්ධයන් වෙනුවෙන් අළුත් නායකත්වයක් ඕනේ.
Reply : 0 0
Champa Tuesday, 29 January 2019 01:32 AM
දකුණේ හුඟක් මිනිස්සු දන්නේ නැතුව ඇති මේ පන්සල ගැන. නිතර මිනිස්සු වන්දනාවේ යනව එනවා නම් පන්සලටත් හොඳයි. මේ හාමුදුරුවෝ තනියම කරන වටින සේවය අගය කරන්න ඕනේ. එහෙම නොවෙන්න මේ පන්සලත් මෙලහට කෝවිලක් බවට හරව ගෙන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

