නිදහස් භාණ්ඩ ලැයිස්තුවෙන් කසළ ඉවත් කළ යුතුයි
ආණ්ඩුව විදේශයන්ගේ කසළ ලංකාවට ආනයනය නොකරන්නේ නම් නිදහස් භාණ්ඩ ලැයිස්තුවෙන් සියලුම කසළ වර්ග ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (28දා) පැවසීය.
චීනය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් කසළ ආනයනය තහනම් කර ඇති බැවින් සිංගප්පූරුව හරහා ශ්රී ලංකාවට ටොන් මිලියන ගණනින් කසළ පැමිණීමේ අවදානමක් තිබෙන බව මන්ත්රීවරයා සඳහන් කළේය.
දැනටමත් කසළ කළමනාකරණය නිසි ලෙස සිදු කරගත නොහැකිව කුණු කඳු කඩා වැටී මිනිසුන් මැරෙන ශ්රී ලංකාවට විදෙශයන්ගේ කසළ රැගෙන ඒම තරම් විකාරයක් තවත් නැතැයිද ඒ මහතා ප්රකාශ කළේය.

popular news
-
Ruwan Tuesday, 28 August 2018 09:43 PM
තේ කෝප්පයේ කිඹුලන් දකිමින් එය මිනිසුන්ට ඇත්ත බව ප්රකාශ කිරීමට සිදුව ඇත්තේ අපේ මිනිසුන් සදා කාලිකව ඔබගේ ගැත්තන් කර ඔවුන්ව මුලාවේ දමා ඔබගේ සුක විහරණය වෙනුවෙන් බව දැන් මිනිසුන්ට පසක් වී අවසානයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

