නීතිඥ කළුපහන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයට
නීතිඥ රත්නසිරි කළුපහන මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
1977 ලිපිකරුවෙකු ලෙස ලංකා බැංකුවට බැඳි ත්‍රිකුණාමලය, පුල්මුඩේ සහ පොළොන්නරුව ප්‍රදේශවල සේවය කළ ඔහු ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කාරක සභියෙකු, වෘත්තීය සමිති ක්‍රියාකාරියෙකු ලෙස තනතුර රැසක් දරා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද වසර 07 ක් පුරා කටයුතු කළේය.
රාජ්‍ය බැංකු හා රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණයට එරෙහිව කැපී පෙනෙන නායකත්වයක් දුන් ඔහු වසර 30කට වැඩි සේවා කාලයකට පසු විධායක නිලධාරියෙකු ලෙස සේවයට සමු දුන්නේය.
අනතුරුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලජිස් සමාගමේ සේවයට එක් වූ කළුපහන මහතා අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරිමේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස සේවය කළේය.
ගා/තෙලිකඩ මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරු කළුපහන මහතා කොළඹ විශ්ව විදයාලයේ නීති පීඨයේ උපාධිධරයෙකි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

