ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අද (26) යාපනය නගරයේ දි දියත්කෙරිණි.
දිවයිනේ සියලූ නගර සුන්දර ස්ථාන බවට පත් කිරිමේ වැඩසටහන සිය ධූරයට පත් විමත් සමඟ ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවිණි.
මීට සමගාමිව බොහෝ නගරවල මංමාවත් පිරිසිදුකර තිබෙන අයුරු දැක ගන්නට ලැබුණු අතර ඉහළ ජනතා සහභාගිත්වයක් ඒ සඳහා ලැබීම විශේෂත්වයකි.
පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ ඝෘජු මැදිහත් වීමෙන් සෞඛ්‍ය පරික්ෂකවරු හා නගර සභා කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් ආරම්භවූ මෙම වැඩසටහනට යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඞ්, නාගරික කොමසාරිස් ජේකිලන් යන මහත්වරුන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජිකයකු වූ යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඩ් මහතා මෙම වැඩසටහන සමඟ සකී‍්‍රයව එක්ව සිටින අතර, ඒ මහතා අදහස් දක්වමින් කියාසිටියේ අඛණ්ඩ කැපවිමෙන් යුතුව වැඩසටහන ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවයි.
මෙසේ පිරිසිදු කරන පරිසරය ආරක්ෂා කර ගැනීමත්, එම පිරිසිදුකම පවත්වාගෙන යෑමත් පුරවැසියන් වන අප සියලූදෙනාගේම වගකීමක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.



