පළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සමඟ තද සුළං ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
විශේෂයෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබද සැලකිලිමත් විය යුතු බවයි තවදුරටත් අවධාරණය කෙරෙන්නේ.
බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වලට අධික වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සමඟ සුළං තත්ත්වයේ වැඩි වීමක්ද සිදුවිය හැකියි. අකුණු සැර වැදීම් ද සිදුවිය හැකි බැවින් අකුණු අනතුරුවලින් බේරීමට ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මන්නාරම සිට කංකසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ඇති වෙරළබඩ තීරයට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු තීරවල තද වැසි ඇතිවිය හැකියි. එසේම ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදුතීරවල ද තද වැසි ඇතිවන අතර සුළගේ වේගය ද කිලෝමීටර් 60 දක්වා ඉහළ යනු ඇති.
කෙසේ වෙතත් හෙට දිනයේදී පවත්නා වැසි තත්ත්වයේ අඩු වීමක් සිදුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ.