පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව විදෙස් ගමන් තහනම් කරමින් තිබූ තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (31දා) නියෝග කළේය.
ඒ අනුව අද සිට එළැඹෙන සැප්තැම්බර් මස 10 දා දක්වා ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවිමට අවසර ලැබුණි.
පසුගියදා උන්වහන්සේ ලන්ඩන් බලා වැඩමකිරීමට සූදානම් වූ විට විදෙස් ගමන් තහනමේ දින වකවානු පිළිබඳව ඇතිවූ ගැටලුවක් හේතුවෙන් උන්වහන්සේ ගුවන් යානයෙන් පිටතට වැඩම කරවීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කරනු ලැබිය.
