ධම්මපද දේශනාවට සමාන දේශනා කුරානයේ - මංගල
ධම්ම පදයේ දේශනාවන්ට සමාන දේශනාවන් ශුද්ධ වූ කුරානයේ සටහන්ව ඇති බවත්, එක මිනිසෙක් ඝාතනය කිරීම සමස්ත මිනිස් වර්ගයා ඝාතනය කිරීමට සමානයි මෙන්ම, එක මිනිසෙක් ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් ලෙස එය දැක්වෙන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව රට මුහුණදෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පෙරේදා (26දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් මතු කළේය.
"ධම්ම පදයේ දේශනාවන්ට සමාන දේශනාවන් ශුද්ධ වූ කුරානයේ සටහන් වෙලා තියෙනවා. ඒකෙ කියනවා එක මිනිසෙක් ඝාතනය කිරීම සමස්ත මිනිස් වර්ගයා ඝාතනය කිරීමට සමානයි කියලා. ඒ වගේම, එක මිනිසෙක් ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් ලෙසයි කුරානය පෙන්වා වන්නේ. ඒ වගේම, කෙනෙක් සියදිවි නසාගැනීම බරපතලම වරද ලෙස එහි හඳුන්වල තියෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන්නේ කිසිදු ආගමකට අනුව නෙවෙයි. මුස්ලිම් ජනතාවගෙන් 99%ක් මේ දේවල්වලට විරුද්ධයි.
අපි මේ මොහොතේ කළ යුත්තේ මුස්ලිම් ජනතාව ත්රස්තවාදීන්ගේ ගොඩට තල්ලු කරලා දැමීම නෙවෙයි. ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂා කර ගැනීම කළ යුතුයි. මුස්ලිම්වරුන් වසර 1,000කට අධික කාලයක් තිස්සේ රටේ සංස්කෘතියට, ආර්ථිකයට වගේ ම සංවර්ධනයට දායක වූ ජනතාවක්. ඔවුන් ශ්‍රී ලාංකිකයන්."
popular news
-
කපිල Sunday, 28 April 2019 05:11 PM
මුස්ලිම් වරුන් ලංකාවට පැමිණ ඇත්තේ වසර 600 කට පෙරයි. කරුණාකර ඉතිහාසය විකෘති කරන්න එපා.
Reply : 0 6
එම්.ඒ.ජේ Sunday, 28 April 2019 06:33 PM
මංගල සමරවීර ඇමතිතුමා මෙ වැනි විකාර කීයවීම කිසිසේත්ම අනුමත කළ නොහැක. ඉස්ලාම් ආගම තුල අන්තවාදී ඉගැන්වීම් බොහෝ තිබේ. මුස්ලීම් මිනිස්සු 99% ඊට විරුද්ද බව නෙවෙයි ඇත්ත ඇමතිතුමා - මුස්ලීම් මිනිස්සු 99% ක් සත්‍ය දැනගෙන එය වසන් කළා. මොනම හේතුවක් නිසාවත් අපරාධය දේශපාලන මතය තුල සාධාරණය කරන්න එපා. ඉස්ලාම් ආගම තුල ඉතා කෲර ඉගැන්වීම් ඇත. සමරවීර ඇමතිතුමා මෙය නොදන්නවා වුනාට මුලු ලෝකයම මේ පිලිබඳ හදාර ඇත. අවශ්‍ය නම් එතුමාට මෙම තොරතුරු ලබාදීය හැක. අනික එතුමා ඉතා බරපතල වැරද්දක් කර ඇත, එනම් ධම්ම පදය කුරාණය සමඟ ගැලපීමයි! - එතුමාට ධම්ම පදය හෝ කුරාණය ගැන දැනුමක් නැති බව පැහැදිලියි. කෙසේ වෙතත් වැරදි දේට වැරදියි, කීමත් හරි ආරක්ෂා කිරිමටත් දේශපාලකයෙකුට පෞරෂයක් තිබිම රටට ආශර්වාදයකි. සමරවීර මැතිතුමා අන්තගාමිව බටහිර මානව හිම්කම් සංල්ප අදහන දේශපාලකයෙකු බව අපි දනිමු. එතුමා කෙසේ කීවත් ලංකාවේ ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වේ. මෙය නිවැරදිව වටහා ගැනීමට අවශ්‍ය නම් රටේ ආරක්ෂ අංශ දේශපාලනකරණයෙන් ඈත්කර නිදහසේ රාජකාරීය කිරිමට ඉඩ හරින්න
Reply : 2 75
මුණසිංහ Monday, 29 April 2019 07:09 AM
මෙයා මේ කරන කියන දේවල් වලින් අපිට නම් පැහැදිලියි මෙයා යන පාර. මෙයා මාතර ජනතාවට කරන්නේ ද්‍රෝහි කමක්. නැවත මෙවැන්නන් පාර්ලිමේන්තු නොඑවීමට කටයුතු කළයුතුයි. රටම විනාශ කරන්නේ මෙවැනි අය. ඇමරිකාවෙන් ලැබුනු ඩොලර් ටික වගේ නොවෙයි ඔවුන් රට තුළ කරන විනාශය.මෙයාට රට ගැන කිසිම හැගීමක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

