පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 43 සිට ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා දෛනික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
වියළි කාලගුණ තත්ත්වය නිසා ජලවිදුලි බලාගාර ආශ්රිත ජල මට්ටම්ද මේ වනවිට අඩු වෙමින් තිබෙන බවත්, එසේ තිබියදී විදුලි අවශ්‍යතාවෙන් 40%ක් තවමත් ජලවිදුලි නිෂ්පාදනය ලබා ගන්නා බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි.
ජලවිදුලි බලාගාර ආශ්රිතවල ජලය වගා කටයුතුවලට මුදාහැරීමට සිදුවන නිසා ඉදිරි දිනවලදී ජලවිදුලි නිෂ්පාදය යම් ප්‍රමාණයකින් අඩු කිරීමට සිදුවන බව වාර්තා වේ.
නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනේන එකක් මේ වනවිට ක්‍රියාත්මක නොවන නිසා විදුලි නිෂ්පාදනය මෙගාවොට් 300ක ප්‍රමාණයක් අඩු වී තිබෙන බවත්, ඛනිජතෙල් සංස්ථාවෙන් දැවි තෙල් සැපයුම් සීමා කිරීම නිසා දැවි තෙල් බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීමත් සීමා වෙමින් පවතින බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි.