දේශීය හස්ත කර්මාන්තය ප්‍රචලිත කිරීමට රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුයි - අගමැති
දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය.
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව, එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කළ “SHILPA THURSDAY“ විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා ,
පසුගිය කාලයේ ආපස්සට ගිහිල්ල තිබුණු දේශීය කර්මාන්ත අපිට ආපසු ගොඩනගන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා.ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දක්වන උනන්දුව ගැන අපි එතුමාට අපේ ස්තුතිය පුද කරනවා.
දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කරන්න නම් අපි මේ නිෂ්පාදන අලෙවි කිරීම වගේම, අපි ඒවා පාවිච්චි කිරීම කළ යුතු වෙනවා. එහෙම නම්, ඒ සඳහා මෙවැනි වෙළදපොළවල් තිබීම තුළින් වඩාත් උනන්දුවක් දක්වන්ට හා මේවා ප්‍රචලිත වෙන්නට එය හේතුවක්.
අද විශේෂයෙන්ම ගමේ ශිල්පීන්ට තිබෙන විශාල ප්රශ්නය තමයි බැංකු ණයක් ගන්න එක. ඔවුන්ට තමන්ගේ කර්මාන්තය දියුණු කර ගැනීමට හෝ ඉදිරියට ගෙන යාමට මුදල් අවශ්‍යතාවය තිබෙනවා. ඔවුන්ට ණයක් ගැනීමේදී මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි මම විශ්වාස කරනවා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

