දේශපාලඥයින්ට පමණක් රට ගොඩගන්න බෑ
රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ සඳහා නව දැක්මකින් යුතුව නව සැලසුම් සකස් කිරීම ඉතා අත්‍යාවශ්‍ය මෙන්ම හදිසි කටයුත්තක් වී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (28දා) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.
රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගැනීමට මෙරට පරිපාලන සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරි සේවය ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළ ක්ෂේත්‍ර ප්‍රමුඛත්වය ගතයුතු බව අවධාරණය කළ ජනාධිපති වැටී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම දේශපාලඥයන්ට පමණක් තනිව සිදුකළ නොහැකි බව කියා සිටියේය.
දැනට 30% ක් වන මෙරට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉදිරියේ දී අවම වශයෙන් 50%ක් දක්වාවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා නැතහොත් රටක් ලෙස ඉදිරියට යන ගමන සාර්ථක කර ගත නොහැකි බව සඳහන් කළේය.

popular news
-
rocky Friday, 29 March 2019 07:16 AM
ඔබතුමාද ඇතුළු මේ රටේ දැනට ඉන්න දේශපාලඥයන් සිටින තුරු මේ රට හදන්න බැහැ. ඔවුන් තමයි මේ රට නැති කරන්නේ. රටට බරක්. ඔය ඔක්කොටොම එක වර හෙන ගැහුවත් මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් එකෙක් වත් කනගාටු වනු ඇති හිතන්න බැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

