පොලිසිය දේශපාලනීකරණය වෙන්න නොදෙන බවත් පොලිස් නිලධාරීන්ට දේශපාලඥයින්ගේ වැරදි වැඩ කිරිමට අයිතියක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
අලුතින් ස්ථාපනය කරන ලද පොලිස් ස්ථාන 105ක ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු හා ජනතා ගැටලු වෙනුවෙන් ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශයේ පැවති වැඩසටහනේ දී ඔහු මේ බව පැවැසීය.
“පොලිස් නිලධාරීන්ට දේශපාලඥයින්ගේ කිසිම වැරදි වැඩක් කරන්න අයිතියක් නැහැ. එසේම පොලිසිය දේශපාලනීකරණය වෙන්න දෙන්නෙත් නැහැ. සමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා. අපි බොහොමයක් ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා. සමහර වෙලාවට හොඳ නිලධාරියෙක් හිටියොත් ඔවුන් ගැන හොඳට හොයලා බලලා තමයි ස්ථානාධිපතිවරු විදියට පත් කරන්නේ, ඒකත් කරන්නේ වෙනම කමිටුවක් පත් කරලා පොලිස්පතිතුමාගේ සහ ලේකම්තුමාගේ නිර්දේශය මතයි.”