පැවති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර කරන්දෙණිය යක්කටුව පදේශයේ ඊයේ (6) රෑ ඇතිවූ ගැටුමකින් කරන්දෙණිය පාදේශීය සභාවට තරග කළ සමගි ජන බල වේගයේ අපේක්ෂකයකු හා ජාතික ජන බල වේගයේ ආධාරකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
මේ ගැටුමට මැදිහත්වූවේ යයි කියන පුද්ගලයෙක් ඊයේ (6) රෑම සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මේ ගැටුම ඇති කරගත් දෙපිරිසම කරන්දෙණිය යක්කටුව පදේශයේම පදිංචි අය බවත් ඔවුන් හොද මිතුරන් බවත් පොලීසිය කියයි.
පැවති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්වූ කතා බහක් දුරදිග යාම මේ ගැටුමට හේතුව බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා