මහාපරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා පිහිටවනු ලැබූ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අංක 01 මහාධිකරණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේවනවිට අවසන්කර තිබේ.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය පිහිටි ස්ථානයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඉදිරියෙන් ඇති ගොඩනැගිල්ලෙහි මෙම විශේෂ මහාධිකරණ අංක 01 පිහිටුවා ඇත.
නාවුක හමුදාව විසින් මෙම අධිකරණයේ අලුත්වැඩියා කටයුකු සිදුකළ අතර එම අලුත්වැඩියා කටයුතු පසුගිය සති අන්තය වනවිට අවසන් කර තිබුණි.
ඒ අනුව මෙම විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු ආරම්භකිරීම අගවිනිසුරුවරයාගේ අභිමතය පරිදි සිදුකිරීමට නියමිතය.
මෙම විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු ආරම්භකිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී අමාත්‍යාංශ ප්‍රකාශයකයෙකු සඳහන් කළේ, අධිකරණ කටයුතු සඳහා පහසුකම් සපයා දීම පමණක් අමාත්‍යාංශයෙන් සිදුකරන බවයි.
ඒ අනුව විශේෂ මහාධිකරණය සඳහා අවශ්‍ය පහසුකම් සපයාදී ඇති බවත්, එහි නඩුකටයුතු ආරම්භකිරීම සහ පළමුවෙන්ම විභාගකරන නඩු පිළිබඳ තීරණය කිරීම අගවිනිසුරුවරයා විසින් සිදුකරනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව අගවිනිසුරුප්රියසාද් ඩෙප් මහතා විසින් මෙම විශේෂ මහාධිකරණයේ කටයුතු ආරම්කිරීම සම්බන්ධයෙන් සහ පළමු නඩු විභාගය සම්බන්ධයෙන් තීරණය කරනු ඇත.
කෙසේවෙතත් මේ සතිය ඇතුළත එම අධිකරණයේ කටයුතු ආරම්භකරන බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කළේය.
