සංචරණ සිමා හේතුවෙන් පහසුකම් ලබාගැනීම දුෂ්කර වී ඇති විහාරස්ථාන සඳහා පහසුකම් සැපයීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව තම ප්‍රදේශය පිහිටි විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අදාළ තොරතුරු ලබාදෙන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම ප්‍රදේශිය ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හරහා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත.
එයට අදාළව දැනුම්දිය යුතු දුරකථන අංක කිහිපයක් පහතින් දැක්වේ.
අමාත්‍යාංශ ලේකම් - 071 462 61 46
අතිරෝක ලේකම් (පාලන) - 071 810 87 18
අතිරේක ලේකම් (සංවර්ධන) - 071 853 66 99
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් - 071 489 17 81