ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(12) දින සිට ඉදිරි දින සඳහා කලින් ආසන වෙන්කිරීමේ කාර්යයන් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් සිදු නොකරන බවත් දෛනිකව එදිනෙදා ධාවනය වන දුම්රියයන් සඳහා පමණක් ආසන වෙන් කිරීමේකටයුතු සිදු කිරීමට සංගමය තීරණය කර ඇති බවත් ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
වසර කිහිපයක් නතර කර දමා තිබූ දුර ගමන් සේවා මේ වනතුරු නිසි ලෙස ආරම්භ කිරීමට දෙපාර්තමේන්තු බලධාරීන් අපොහොසත් ව ඇති බව සඳහන් කරන ඒ මහතා කොවිඩ් මුවාවෙන් යටපත් කොට සිටි මෙම කාරණාවේ ඇත්ත දැන් හෙලිවෙමින් පවතින බවද පැවැසීය.
මඟීන් වෙනුවෙන් දුම්රිය ධාවනය කරන ලෙස ඉල්ලා දැඩි වෘත්තිය අරගලයක යෙදීමටද ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට සිදු වු බව ඔහු පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා