රත්මලාන ප්රධාන යාන්ත්රික ඉංජිනේරු අංශයේ සේවකයන් පිරිසකගේ රාජකාරි වේලාව පිළිබඳ ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් සියලුම අලුත්වැඩියා කටයුතුවලට බලපෑම් එල්ල වී ඇතැයි දුම්රිය සේවකයෝ සඳහන් කරති.
මේ නිසා දුම්රිය එන්ජින් හා මැදිරි අලුත්වැඩියා කටයුතු ප්රමාදවන බවත්, ඒ හරහා දුම්රිය ප්රමාදයන් සිදුවන බවත් සේවකයෝ පෙන්වා දෙති.
යාන්ත්රික අංශය තුළ ද්විතියික සේවයට හා ප්රාථමික සේවයට අයත් පිරිස් සේවය කරන බවත්, ද්විතියික අංශයේ සේවා කාලය උදෑසන 8.30 - සවස 4.15ත් බවත් එම පිරිස් සඳහන් කරති.
එහෙත් ප්රාථමික අංශය යටතේ සිටින පිරිස්වල සේවා කාලය උදෑසන 8.00 සවස 4.30 බවද සේවකයෝ පෙන්වා දෙති.
එහෙත් අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේදී සියලුම දෙනා එකට වැඩ ආරම්භ කළ යුතු නිසා සියලුම දෙනාගේ රාජකාරිවේලාව උදෑසන 8.30 - සවස 4.30ත් බවට පත් කර තිබෙන බවත්, මෙයට ද්විතියික සේවයේ පිරිස් විරෝධය දක්වමින් සිටින බවත් දුම්රිය සේවකයෝපෙන්වා දෙති.
මේ නිසා සියලුම අලුත්වැඩියා කටයුතුවල ප්රමාදයක් ඇති වී තිබෙන බවත්, බරපතළ තත්ත්වයේ අලුත්වැඩියා කටයුතු මෙම ස්ථානයේ සිදුවන නිසා මෙම ගැටලුව කඩිනමින් විසඳිය යුතු බවද සේවකයෝ සඳහන් කරති.
අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේ ප්රමාදය නිසා සමහර අවස්ථාවල දුම්රියන් අවලංගු කිරීමට පවා සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
