දුම්රිය නව ගමනකට සැරසෙයි
‘දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ‘ ව්‍යාපෘතියේ ප්‍රධාන මිලදී ගැනීම් 32ක් සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමා තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදීමට අදාළව මුදල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හෙට (20) දිනයේදී ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
‘දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ‘ ව්‍යාපෘතියේ අධ්යක්ෂ පාලිත සමරසිංහ මහතා සඳහන් කළේ ධාවන කාර්යක්ෂ්මතාව හා නඩත්තු කාර්යක්ෂ්මතාව වැඩි කිරීම, දුම්රිය ආරක්ෂාව සහතික කිරීම, දුම්රිය කාර්යමණ්ඩලවල හැකියාවන් වර්ධනය කිරීම සහ උපදේශාත්මක සේවා කටයුතු සිදු කිරීම සඳහා මෙම මුදල් වැය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ප්‍රවේශ පත් සහ ආසන වෙන් කිරීමේ පද්ධතිය, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදිකිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානය සඳහා පර්යේෂණාගාර සහ කර්මාන්ත ශාලා සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම, මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස 108කින් යුතු මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ව්‍යාපෘති අධ්යක්ෂවරයා පැවසීය.
මීට අමතරව රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව සඳහා නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම, ගබඩා සහ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම, මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම, කොළඹ මාලිගාවත්තෙහි පිහිටි යටිබිම් මාර්ගය සඳහා ඇති පාසල් පටුමග දුම්රිය පාලම නැවත ඉදිකිරීම ආදිය සිදුවන බවද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
-
Kumar Monday, 19 August 2019 09:27 PM
අදහස නම් බොහොම හොදයි. එක වැඩවර්ජනයෙන් ඔක්කොම වැඩ පීල්ලෙන් පිටපනී.
Reply : 0 0
Gamarala Monday, 26 August 2019 07:40 AM
ඔවි ඉතින් නිමල් ඇමතිතුමා අනුමත කරගෙන මුදල් හොයාගෙන පටන්ගත්ත දේවල් කියල දැන් ලකුණු දමාගනින්. මොනවද මෙී මාස 6 ට තමා කෙරව කියල කියන්නට දෙයක් කෙරැවෙ. බොරැ ශෝභන කාරයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

