දුම්රිය අධීක්ෂණ සේවා නිලධාරීන් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අද (26දා) සවස 4.00ට අවසන් කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දුම්රියට අයත් ඉඩමට වැටක් ගැසීමට යෑමේදී රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා එය වළක්වමින් සිදු කළ තර්ජනවලට එරෙහිව සවස 2.00 සිට වැඩවර්ජනයක් දියත් කළ බවද එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයාට විරෝධය දක්වා සිදු කළ දුම්රිය ස්ථානාධිපති නියාමක පාලකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය මේ වන විට ඇනහිට තිබේ. කෙසේ වුවද අද (26දා) සවස 4.00ට එය යථා තත්ත්වයට පත්කරන බවද ඔහු පවසා සිටියේය.