දුම්රිය ස්ථානවල හා දුම්රිය මැදිරි තුළ යාචක වෘත්තියේ නිරත වන පුද්ගලයන් හා අනවසර වෙළෙඳාම සිදු කරන්නන් අද (01දා) සිට ඉවත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සතියක කාලයක් තුළ දුම්රිය ආරක්ෂක හමුදාව විසින් මෙම ඉවත් කිරීම සිදු කරනු ලබන බවත්, ඉන් පසුව නඩු පැවරීම සිදු කරන බවත් දුම්රිය සාමාන්‍යධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
