දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය රේල් පීලි 5000ක් ප්‍රසම්පාදනය කිරීම ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. ltd වෙත ප්රදානය කිරීම සඳහා වන යෝජනාවකට ඊයේ (24දා) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.13 ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. ltd වෙත ප්රදානය කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
