දිළිඳු පවුල් 100කට අගමැතිගේ පෞද්ගලික ධනයෙන් පානීය නල ජල පහසුකම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) දින පස්වරුවේ පානීය නල ජල පහසුකම් ලබාදුන්නේය.
නල ජල පහසුකම් ලබාදීම සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එම අයිතිය ප්රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජ මහ විහාරස්ථානයේ දී පැවැත්විණි.
පෙරේදා දිනට යෙදුණ සිය ජන්ම දිනයට සමඟාමීව අඩු ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල් වැටුණු වැවේ ඥානතිලක නා හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය අග්‍රහැර කස්සප හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

popular news
-
Demuni Uduwara Saturday, 20 November 2021 10:54 PM
Water facilities provided by PM Mahida Rajapaksa in his personal funds ?
Reply : 0 0
samson de silva Sunday, 21 November 2021 02:23 AM
Mahindayage pudgalika salli saha ratey baandaagaaraye salli athara wenasak nehe. Pudgalika salli kiyanne apenma gahapu ewwaa thamayi.
Reply : 0 0
amila Sunday, 21 November 2021 03:03 AM
ape ponseka mallita mokada amerikawen sammana neththe,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

