දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණය වඩාත් කඩිනම් කරන්න
දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (30) පස්වරුවේ උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව වයස අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මට්ටමින් ලබා දීම ඒඒ දිස්ත්‍රික්කයන්හි උපරිම විධිමත් අයුරින් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
මේ වන විට දෙවන මාත්‍රාව ලබා දීම බොහෝ සෙයින් කෙරෙන අතර එය නියමිත දිනට නියමිත ස්ථානයේම නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ඇතැම් දිස්ත්‍රික්කයන්ගෙන් ලැබෙන විවිධ පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත්,මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එළඹෙන මුල් සතියේ එන්නත් මිලියන 04 ක් ලැබීමට නියමිත අතර එමගින් අවුරුදු 30 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත්කරණය පූර්ණ ලෙස අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් මෙහිදී විශ්වාසය පළ කළහ.
popular news
-
lelwala Wednesday, 01 September 2021 08:47 AM
You have to set up the vaccine center according to district population.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

