කෘෂි අපනයන ආර්ථිකය ශක්මත් කර රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි
සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානයක්.
මාතලේ දිස්ත්‍රික්කය කෘෂි දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනයට සැලසුම්.
කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්.
මුදල් වැය කිරීම මෙන්ම මුදල් එකතු කිරීම පිළිබඳවද දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී යෝජනා ලබා දෙන්න.
ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරනවා – ජනපති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පවසයි.
රටේ ආර්ථිකය නැවත නඟාසිටුවීමේ වැඩපිළිවෙළේදී කෘෂි අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඒ අනුව සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මහනුවර, මාතලේ සහ කුරුණැගල දිස්ත්‍රික්කවල කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට සහ ඉදිරියේදී කෝපි සහ කුරුදු වගාව නැවත ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
මේ අතර බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පු ලබාදීමේ අයවැය යෝජනාව යථාර්තයක් කරමින් ලබන පෙබරවාරි 04 වනදාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව එම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (25) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
උඩරට සංවර්ධන වැඩසටහන යටතේ නොදියුණු ගම්මාන සංවර්ධනය කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් මිලියන 10ක මුදල ඉදිරි වසර පහ සඳහාම අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය
සෑම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදීම මුදල් වැය කිරීම පිළිබඳ සඳහන් කරන නමුත් දිස්ත්‍රික්කයේ ආදායම් එකතු කිරීම පිළිබඳ නව යෝජනා නිලධාරීන් විසින් ඉදිරිපත් නොකරන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රට මුහුණදී ඇති ආර්ථික ගැටලු විසඳා ගැනීමට නව ආදායම් උත්පාදනය කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කය කෘෂි දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද දායක කර ගනිමන් නිසි සැලැස්මක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටි මෙම රැස්වීමේ දී දීර්ඝ කාලයක් පුරා දිස්ත්‍රික්කය තුළ නොවිසඳුනු ගැටලු රැසකට ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සෘජු විසඳුම් ලබාදීමට හැකි විය.
මානූෂීය ගැටලුවක් වූ වකුගඩු රෝගීන්ගේ පානීය ජල ගැටලුව විසඳීම, අඹන්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉඩම් ලබාදීම, මහාමාර්ග සංවර්ධනය මෙන්ම ගලේවෙල – දඹුල්ල – හබරණ ප්‍රදේශ එකම කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සහ දීර්ඝකාලීන ගැටලුවක් වූ වන අලි ගැටලුව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී අධ්‍යාපනය පිළිබඳ ගැටලු කිසිවක් ඉදිරිපත් නොවීම පිළිබඳව විමසූ ජනාධිපතිවරයා අධ්‍යාපනය වෙනුවෙන් රජය වැඩි අවධානයක් යොමු කර තිබෙන බවද අවධාරණය කළේය.
උසස් පෙළ සඳහා සිසුන් වැඩි ප්‍රමාණයක් සහභාගී කරවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව වෘත්තීය පුහුණුවක් ලබාදී තරුණ තරුණියන් ජාතික ආර්ථිකයකට දායක කර ගැනීමට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.