දිස්ත්රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදන තවදුරටත්
දිවයිනේ දිස්ත්රික් කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
ඒ අනුව මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල සහ රත්තොට ප්රදේශවලට නායයාමේ අවදානම් නිවේදන නිකුත්කර තිබෙනවා.
බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල සහ පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාස, ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ නෙළුව ඇල්පිටිය යන ප්රදේශවලට ද නිකුත් කර ඇති අවදානම් නිවේදන තවදුරටත් ක්රියාත්මකයි.
මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර, ගඟවට කෝරලේ, දොළුව, ගඟ ඉහළ කෝරලේ, හාරිස්පත්තුව, යටි නුවර, පාතහේවාහැට, උඩ පළාත, පස්බාගේ කෝරලේ යන ප්රදේශවලට අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. කෑගල්ල දිස්ත්රික්කයේ අවදානම් නිවේදන නිකුත්කර ඇත්තේ අරණායක, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, රඹුක්කන, මාවනැල්ල, යටියන්තොට යන ප්රදේශවලටයි. කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම සහ මල්ලවපිටිය යන ප්රදේශවලට මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්රදේශවලට නායයාම් අවදානම් නිවේදන නිකුත්කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

