දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා
අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලුදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමඟ ත්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලුදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැඳගැනීම බව ද ඔහු අවධාරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01දා) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.
රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවත් රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන බවත් මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරී සියලු දෙනා වෙනුවෙන් ද ඉදිරියේ දී නිසි පියවර ගන්නා බවත් ඔහු පැවැසීය.
මෙම සිදුවීම පිළිබඳ සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව තමාට ලැබුණු බවත්, එහි සඳහන් කරුණු පිළිබඳ නීතිපතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් සඳහන් කළේය.

popular news
-
dayan Thursday, 02 May 2019 12:06 PM
මෙයාගේ බොරු කතා අහන්නත් හිරිකිතෛ.
Reply : 0 0
Champa Thursday, 02 May 2019 07:36 PM
දිවි පරදුවට තබා මිනීමරු ආණ්ඩුවෙන්, ඇමරිකන් වහල් ආක්‍රමණයෙන් සහ ඉන්දියන් වෙළඳ ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්නවා කියන සිංහල බෞද්ධ මිනිහෙක් මම හොයනවා ඊළඟ ජනාධිපතිවරණෙදී ඉදිරිපත් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

