කිලිනොච්චියේදී පසුගියදා අමානුෂික ලෙස දිවියෙක් මරා දැමීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනෙක් පොලිස් අත්ඩංගුවට පත්ව ඇත. ඊයේ (24දා) රාත්රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අද (25දා) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
තුරෙයි රාසා ප්රතාප් (23),තම්බිරාසා නවරාසා (23), ත්යාගරාසු සුපන් (22),සින්නරාසා පිරින්දන් (24) යන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.