දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට (05දා) සඳහා අද (04දා) මධ්‍යාහ්නයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සබරගමුව හා මධ්‍යයම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයෙත් හෙට දිනයේදී සිහින් වැසි ඇතිවිමට හැකියාවක් පවතින බවයි.
කෙසේ වෙතත් නැගෙනහිර හා ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමට හැකියවක් බවතින බවත් ඔවුන් පවසයි.