දිවයිනේ ප්‍ර දේශ රැසකට ගංවතුර තත්ත්වයක්
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
මධ්‍යම කඳුකරයට තද වැසි - කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි.


හැටන් රංජිත් රාජපක්ෂ
රත්නපුරට සුළු ගං වතුර තත්ත්වයක්
අද ( 05දා) පෙ.ව. 7.38 වන විට කළු ගඟේ ජල මට්ටම, රත්නපුර මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් 6.96 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවි තිබේ. රත්නපුර කළු ගග අවට පහත්බ්ම් කිපයක් ජලයෙන් යටවි තිබුණි.
ඊයේ (04) රාත්‍රියේ හා අද (05) උදෑසන සිට ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ වැසි ලැබෙමින් පවතී. මේ හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම තව දුරටත් ක්‍රම ක්‍රමයෙන් ඉහළ යා හැකි බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මිය පැවසුවාය.
අද (05) පෙරවරු 04 සිට කළු ගඟේ ජල මට්ටම නැවතත් ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. වේ ගඟද ඊයේ මධ්‍යම රාත්‍රියේ (12 ට පමණ) කහවත්ත ප්‍රදේශයේ සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් 2.6 ක් දක්වා අඩුවී තිබුණි. නමුත් වේ ගඟද මේ වනවිට මීටර් 3.85 ක් දක්වා වැඩි වී ඇත. ඒ අනුව එම වැඩි වූ ජල කඳද රත්නපුර නගර ආසන්නයේදී කළු ගඟට එක්වෙන බැවින් කළු ගගේ ජල මට්ටම තවදුරටත් වැඩිවේ.
අජිතලාල් ශාන්ත උදය
popular news
-
H.a.moral perera Sunday, 06 June 2021 05:07 AM
Good live now news along
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

