දිවදෙකේ දේශපාලඥයින්ට තනතුරු ලැබෙනවා - මහින්ද
දේශපාලකයින්ට තනතුරු ලැබීමට දිව දෙපැත්තට නැවෙනවා නම් එය සුදුසුකමක් වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31දා) පැවැසීය.
පෙරවරුවේ බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති ශ්රාස්ත්රපති පුජ්‍ය බලංගොඩ පියනන්ද නාහිමියන්ට අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් වු අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා “දෙමාපියන් තම දරුවන් ආගමික පසුබිමක හැදිය යුතුයි. සෑම ආගමකටම මෙය පොදුයි. නැතිනම් සිදුවන අකටයුතුකම්වලින් සමාජය පිරිහීමට පත්වෙනවා.
සෑම ආගමකටම අගමික වතාවත්වල යෙදීම සඳහා නියමිත දිනයක් තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික භක්තිකයින් එම දිනයට තම ආගමික ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ ආගමිකවතාවත්වල යෙදෙනවා. නමුත් බෞද්ධයින් එහෙම නැහැ. පෝය දවසට නිවාඩු දුන්නත් ඔවුන් තම දරුවන් සමඟ පන්සල් නොගොස් ගෙදරට වී සිටිනවා.
මෙම තත්වය වෙනස් විය යුතුයි. ඒ සඳහා දෙමාපියන් මුල්විය යුතුයි. තමන්ගේ රට ජාතිය ගැන සිතා දරුවන් ආගමික පසුබිමක හොඳ පුරවැසියන් ලෙස රටට දායාද කිරීමේ වගකීම දෙමාපියන් සතුයි.”

popular news
-
chathuri Monday, 01 April 2019 04:23 PM
මේ දිව දෙකේ කට්ටියට නේද . බලය තියෙන කොට තමන්ගේ පැත්තට ගන්න මිලියන. ගණන්. රජයේ මුදල් වියදම්. කෙරුවේ මුන්ගේ කොන්ද පනත්. නැහැ. මේවගේ දෙකේපන්තියේ වැඩ කරන , මුදල් කාබාසිනියා. කරන එකාට තියෙන්නේ. ඇට නැති දිවක් ,මෙවැනි කතා. මේවගේ. උත්සව අවස්ථාවල කියනවද . .පාර්ලිමේන්තුවේ කියන්න කොන්ද පණනැති කට්ටිය ,දිව දෙකේ කට්ටිය ඉන්න. එතන , පන්සලට එන්නේ අසරණ ජනතාව , මාස හයෙන් ආණ්ඩුව පෙරලනවා කිව්වා කෝ ,,,,පරිස්සමින් ඩිල් ගහන්න මුන්ට ශරීරයේ පාට වෙනස් කරන්නත් පුළුවන් මේ හැමදේටම තමනුත් අයිතියි කියලා හිත ගන්න
Reply : 1 5
Champa Monday, 01 April 2019 05:03 PM
මිනිස්සු කලකිරිලා ඉන්නේ. බණක් දහමක් අහන්න පන්සල් යන්න වුනත් මිනිස්සුන්ට හිතේ සැනසිල්ලක් තියෙන්න ඕනේ. දහසක් ප්‍රශ්න මත්තේ ඉන්න මිනිස්සුන්ට පන්සලකට යන්නවත් හිතෙන්නේ නැතුව ඇති. සමහර මිනිස්සු නිකම් කාලේ කා දමන්න පුරුදු වෙලා. අනාගතය අවිනිශ්චිත රටක මිනිස්සුන්ට බණ කිව්වත් ඔළුවට යන්නේ නැහැ. මුළු සමාජයම වානීජකරණය වෙලා. වෙනස්කම් හුඟක් කරන්න තියෙනව. එතකොට පන්සල් යන්න කියන්න ඕනේ වෙන්නේ නැහැ. මිනිස්සු තමන්ම පන්සල් යන්න පටන් ගනී දරුමල්ලොත් එක්ක ඉස්සර වගේ.
Reply : 0 0
Lion Monday, 01 April 2019 07:05 PM
Its said that when god වන්ට්ස් ටො destroy අ man he made him a lunatic. තිස් බෝය් ඉස ඉන් that stage now
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

