දිවයිනේ විවිධ ප්ර දේශවල දියේ ගිලී යාම හේතුවෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
සිරිපාගම - ඊයේ (15දා) සවස ශ්රීපලාබද්දල ප්ර දේශයේ කලු ගඟේ දිය නාමින් සිටි පිරිසක් සැඩ පහරකට හසුව තිබේත මෙහිදී අවුරුදු 22ක හා 40ක පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවුරදු 10ක දරුවෙක් අතුරුදන්ව තිබේ.
කොස්ලන්ද - ඊයේ (15දා) මක්දෙණිය ගඟේ දිය නාමින් සිටි තරුණයින් 4ක් අතරින් එක් තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
උඩවලව - ඊයේ (15දා) උඩලව ජලාශයේ ජලය බෙදා හරිනු ලබන අලේ දිය නාමින් සිටි අවුරදු 57ක පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.