දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්
- 21 11 2026
- 11:49
- {{hitsCtrl.values.hits}} views
- ..
2026.11.20 දින සවස නින්දවූර් පොලිස් වසමේ රෝහල පාර මුහුදුබඩ මාර්ගයේ මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත්, එක් තරුණයෙකු ප්රදේශවාසීන් විසින් බේරාගෙන නින්දවූර් රෝහලට ඇතුලත් කර ඇති බවටත් නින්දවූර් පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
අතුරුදන් වූ තරුණයින් අවුරුදු 16 හා 23 වයස්වල පසුවන නින්දවූර් ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්, ප්රදේශවාසීන් හා නින්දවූර් පොලිසිය විසින් අතුරුදන්වූ තරුණයින් දෙදෙනා සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
