දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්රභේදයක්හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ නීරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල කාබෝහයිඩ්රේට් අවමව අඩංගුව තිබීම හේතුවෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අවම කරගැනීමටහැකියාව ඇති බවයි.
ඒ අනුව මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට අපනයනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් එසේම, මානව සෞඛ්‍යයට හිතකර භෝග වර්ග රැසක් ඉදිරි කාලය තුළදී කෘෂි ක්ෂේත්රයට හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණ සිදු කරමින් සිටින බවත් අමාත්‍යාංශය පවසා සිටියි.
මේ අතර අම්බලන්තොට වී පර්යේෂණායතනයේදැනට පර්යේෂණ සිදු කෙරෙමින් පවතින වී වගාව පිළිබඳ වූ නිරීක්ෂණයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගියදා සිදු කරන ලදී.
