දිපවාලි දින හැටන් ඩිපෝව ඉපයූ වාර්තාගත ආදායම
දීපාවලී උත්සවය නිමිත්තෙන් (07) දින හැටන් ලංගම ඩිපෝවට එක් දිනකදී මෙතෙක් ලැබූ උපරිම ආදායම ලබා ගැනිමට හැකි වූ බව එම ඩිපෝවේ කළමණකාර පාලිත වීරසූරිය මහතා පැවසීය.
(07) දින තම ඩිපෝව මගින් දුර සහ කෙටි දුර ධාවනයට බස් රථ 82ක් ධාවනයට එක් කල බවත්, ඒ අනුව (07) දින උදෑසන සිට (08) දින උදෑසන 6:00 වන විට තම ඩිපෝවට රු.4765,000.00 (හතලිස් හත් ලක්ෂ හැට පන්දහසක)ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද පාලිත වීරසූරිය මහතා පැවසීය.
හැටන් ඩිපෝව මගින් හැටන් සිට යාපනය දක්වා ධාවනය කල (05) දින ලංගම බස් රථයෙන් එක් ගමනා වාරයකට රු.ලක්ෂ දෙකක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත්, එම බස් රථය ගමන් ආරම්භ කල දින සිටම මගීන් විසින් ආසන වෙන් කර ගන්නා බවත්, දීපාවලී උත්සව සමය අවසන් වන තෙක් තම ඩිපෝවේ බස් රථ දුර සහ කෙටි දුර ධාවනයට එක් කරන බවයි පාලිත වීරදූරිය මහතා කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
