දින 03ක් සඳහා ෆාමසි විවෘතයි
ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම මස හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 05 වෙනිදා යන දිනවල රාජ්‍ය ඔසු සැල් සහ දිවයිනේ පිහිටි සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
විශ්‍රාම වැටුප් ලබන ජේෂ්ඨ පුරවැසියන්ට සිය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර ගනු ලබන අතර ඔවුන්ට සිය ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කර සිටියි.

popular news
-
චමින්ද Wednesday, 01 April 2020 07:19 PM
මමත් මගේ බිරිඳත් දෙදෙනාම විශ්‍රාමිකයින් වෙමු.නමුත් අපිට මෙතෙක් විශ්‍රාමික හැදුනුම්පත මිස ජේෂඨ පුරුවැසි හැදුනුම් පතක් ලබාදී නැත.මෙනිසා අපිට විශ්‍රාමික හැදිනුම්පත ඇදිරි නීති බලපත්රයක්සේ පාවිච්චි කල හැකිද කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

