දිනය අපි කියන්නම් අපේ රාජකාරිය ඇයි වෙන අය කරන්නේ
මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයක් බවත් එය තමන්ට කිරීමට ඉඩ දෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය කියලා තමන්ට හිතෙන එක එක දින ප්‍රකාශ කරන්න එපා.
අගෝස්තු මාසයේ 4 වැනිදා ඉදලා අගෝස්තු මස 19දා වෙනකම් සියලුම දින ප්‍රකාශයට පත්කරනවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා අපි මැතිවරණය සෙනසුරාදා තියන නිසා 8 දා හා 15 දා සෙනසුරාදා දින දෙක.
මේ දින දෙක තුළ අපි මැතිවරණය තිබ්බොත් ආයිත් කියනවා අපි දිනය කිව්වා කියලා.
කරුණාවෙන් ප්‍රකාශ කරනවා මැතිවණ කොමිෂම හෙට දිනයේ රැස්වුණාට පස්සේ ඒ දිනය තීරණය කරන්න ඉඩ දෙන්න.
දිනය කියන රාජකාරිය අපිට කරන්න ඉඩ දෙන්න. ඇයි අපිට තියෙන රස්සාව වෙන කෙනෙක් කරන්නේ.
මෙන් ඡන්ද විමසීමට අපි දවස් 60 ක් ගත්තත් 70ක් ගත්තත් අපිට මේ පාර අමාරුයි. අපිට තිබෙන්නේ ජුනි 20 වැනිදා වෙනුවට ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කිරීමයි”

popular news
-
Don Tuesday, 09 June 2020 05:55 PM
එදා ජුනි 20 දාට ප්‍රකාශ කරනකොට, කොචිඩ් ආසාදනයවූ ගණන 268 යි. දවස් 50 කට පස්සේ 1857 යි දිනකට සාමාන්‍යයෙන් ආසාදිතයන් 31-32 ගණනක් අලුතින් එකතුවෙනවා, පරීක්ෂණ කරන ගණන හොඳින්ම පාලනය කරන නිසා. මැතිවරණ කාර්යාලයක එක උණෙන් පෙලෙන එක නිලධාරියෙක් හිටියොත් ඔක්කොම ගෙදර දුවයි කකුල් දෙකට වැඳ,වැඳ. ඒ නිසා ඔලිම්පික් එකත් එක්කම ලබන අවුරුද්දෙම මැතිවරණය තියෙන එක තමයි මොලේ කියන අදහස.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

