දිනපු දිනිල්ලේ දෙවැනි ඉනිම එක්ක ඉදිරියට යනවා - MR
පෙබරවාරි 10 වැනිදා දිනපු දිනිල්ලේ දෙවැනි ඉනිම ජයග්රහණය කරවීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04දා) පැවසීය.
ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු බලවේග රාශියක් එක්ව සිටින බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන කාර්යාලයේ පැවැති සාමාජිකත්ව ප්රදානය කිරීමේ උත්සවයේදීය.
රාජපක්ෂ සහෝදරවරු අතර ගැටුමක් ඇතැයි පැතිරයන මතවාද ප්රතික්ෂේප කිරීම සඳහා මෙම උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ බවත්, වියත් මග, ඒකාබද්ධ විපක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද චින්තනය ඉදිරියට ගෙන යමින් සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණෙ දේශපාලන කටයුතුවලට නිල වශයෙන් සම්බන්ධ වූ ප්රථම අවස්ථාව මෙය විය.
බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් සභා මන්ත්රීවරුන්, පළාත් පාලන ආයතන ප්රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පළාත් සභා මන්ත්රිවරු පිරිසක් මෙහිදි පොදුජන පෙරමුණෙ සාමාජිකත්වය ලබාගත්හ.

ඡායාරූප -ශමීර රාජපක්ෂ
-
Ruwan Wednesday, 04 July 2018 02:44 PM
කිසිම අලුත් මගක් නැති නැවුම් අදහස් නැති පක්ෂයක් කෙසේ රටක් දියුණු කරන්නද.
Reply : 0 2
Mahesh Wednesday, 04 July 2018 03:20 PM
රටේ අභිමානය සහ යුධ හමුදාවේ අභිමානය කෙලෙසමින්, ගෝඨාබය සහ හමුදා බුද්ධි අංශයේ සුලු පිරිසක් එක්ව රටේ නැවතත් ත්රස්තවාදය ඇතිකිරීමට උත්සාහ කරයි. දෑස් ඇර බලනු පර බල්ලන් විනාස කරනු.
Reply : 0 2
Champa Wednesday, 04 July 2018 05:14 PM
අවුරුදු ගානක් කණ්ඩායමටයි ප්රේක්ෂකයන්ටයි හොඳට හුරු පුරුදු team captain එක්ක පලවෙනි දිනුම දින්නට, මුළු තරඟයේම තීරණය තියෙන match එකේ දෙවෙනි ඉනිම තනි මතේට team එකේ අන්තිමයා captain කරලා ගහන්න හැදුවට පරදිනවා . ඒ මොකොද කිව්වා නම් team එකේ spirit එක බින්දුවට බැහැල නිසා සහ cheer එක අඩු නිසා. Match එක ගහන්නත් ඉස්සෙල්ලම මූණු ටික දිහා බලපුවහම පේනවා හිනා වෙලා ඉන්නේ කැප්ටනුයි වෙන්න-කැප්ටනුයි විතරයි කියලා. අපරාදේ කියන්න බැහැ රාජපක්ෂ මහත්වරු හොඳ නළුවෝ අප්පා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

