දිගින් දිගටම ආපදා දෙකකට රටට මුහුණදීමට සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
ඉන් එක් ආපදාවක් වී තිබෙන්නේ ගංවතුර හා වැසිජල උවදුර බවත් අනෙක් ආපදාව නියඟය බවත් ඔහු පවසා සිටියේය.
නියඟයට මුහුණදීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, මීට අමතරව පානීය ජලය බෙදාහැරීමට ජල බවුසර් අදාළ ප්‍ර‘දේශවලට ලබාදී තිබෙන බවත් අද (20දා) කාලගුණ විද්යාදෙපාර්තමේන්තුවේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව ගංවතුර හා ජල ගැලීම්වලට මුහුණදීම සඳහා පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට යාත්‍රා හා අගුල් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
අද (20) දිනයේදී යාත්‍රා 125ක් හා අගුල් 100ක් පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බෙදාදෙනු ලැබිණි.