දැන් රට දුවන්නේ කෘෂිකර්මයෙන් නෙමෙයි - අස්ගිරි අනු නා හිමි
එදා කෘෂිකාර්මික ගොවිජනපද වලින් පිරී පැවතුණ පොලොන්නරුව අද වන විට ලෝක උරුම නගරයක් වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙන බැවින් දෙස් විදෙස් සංචාරකයන් නගරයට නිරන්තරයෙන් ඇදී එන බැවින් ද ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදිමේදී පරාක්‍රම සමුද්‍රයේ වැවත් වැව් බැම්මටත් හානියක් නොවන ආකාරයෙන් සිදු කළාට වරදක් නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසයි .
පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේ ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් අනුනායක හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසීය .
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ආශ්‍රිතව පොලොන්නරුව ජනතාවට දෙස් විදෙස් වන්දනාකරුවන් ඇතුළු සංචාරකයන් පිරිස් වල පහසුව උදෙසා ඇවිදින මංතීරු ඇතුළු සංවර්ධන කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන අවස්ථාවේ විරෝධතාවක් මතු වූ නිසා එම කටයුතු මේ වනවිට නතර වී තිබෙනවා . එම සංවර්ධන කටයුතු වලින් වැව් බැම්මට හානිකර තත්ත්වයක් උදාවන බවයි විරෝධතාකරුවන්ගේ අදහස වන්නේ .
එහෙත් අදාළ රාජ්‍ය ආයතන සහ එහි ඉංජිනේරු මහත්වරුන් පවසන්නේ එම ව්‍යාපෘති නිසා වැවට කිසිම හානියක් සිදු නොවන බවයි . නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා අදාළ සියලු දෙනාගේ එකඟතාවය ඇතිවයි . දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය පවා මේ සඳහා ලැබුණ බව අපට දැනගන්න ලැබී තිබෙනවා . කොහොම නමුත් ගැටලුවක් මතුව තිබෙන නිසා සියලු දෙනා සාකච්ඡා කොට ඉදිරි කටයුතු යොදා ගැනීම වැදගත් .
මෙහිදී සියලු දෙනා ආවේගශීලී නොවී කරුණු කාරණා මැනවින් වටහාගෙන කටයුතු කිරීම කාගේත් වගකීමයි . මේ වැව හා වැව් බැම්ම රැක ගැනීමේ වගකීම පොළොන්නරුවට සම්බන්ධ අප හැමදෙනාටම තිබෙනවා . එම වගකීමෙන් මිදෙන්න අප කිසිවෙකුටත් බැහැ . පැරකුම් රජු දවස සිට කටයුතු කර තිබෙන්නේ ඒ ආකාරයටයි . යෝජිත මෙවැනි නව වැඩපිළිවෙළක් වල වැදගත්කම ගැනත් ඉදිරියේදී සලකා බලන්න සිදුවෙනවා .
වැවත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිස් වලට පහසුකම් සැපයෙන බුද්ධිමත් වැඩපිලිවෙලකට අපි කවුරුත් එළඹිය යුතුයි . දැන් මේ රට දුවන්නෙ කෘෂිකර්මාන්තයෙන් නොවෙයි . සංචාරක කර්මාන්තය නිසා බොහෝ දෙනාදෙනා ජීවත්වනවා . වසංගත තත්වය නිසා ඒ තත්වය වෙනස්විය තිබුනත් අපට පේනවා සංචාරක ව්‍යාපාරයේ ඇති වැදගත්කම . එම නිසා වර්තමානයත් අනාගතයක් ගැන සිතා පටු ආකල්ප වලින් ආකල්පවලින් දුරස් වී කටයුතු කිරීමයි හැමදෙනාගේ වගකීම වන්නේ යැයිද අනුනාහිමියෝ පැවසීය.
ෂේන් සෙනෙවිරත්න

popular news
-
Demuni Uduwara Monday, 06 September 2021 02:45 AM
We can recollect of this monk !
Reply : 0 0
Mahee Monday, 06 September 2021 05:23 AM
Coward monk who accept bribes from current government and talk nonsesnse
Reply : 0 0
Ajith Monday, 06 September 2021 07:39 AM
එතකොට හාංදුරණ්ටත් පුලුවන් පරාක්‍රම සමුද්දරේ ජොගිං ට්‍රැක් එකට ගිහින් සක්මන් භාවනව කරන්න!!!! මේව හාංදුරණ්ට තේරුනාට මේ රටේ ඉන්න ගොන් බයියන්ට තේරෙන්නේ නැති එකනෙ කරුමෙ!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

