ද්විත්ව පුරවැසිභාවය වගන්තිය ඉවත් කිරීමට ජනපතිගේ අකමැත්ත
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ සඳහන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය හැර හදිසි පනත් සම්මත කිරීම, විගණන පනත හා ඇමති මණ්ඩලය සීමා ඉවත් කිරීමට අදාළව පැවැති වගන්ති සංශෝධන කිරීමට ඊයේ (19දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගෙන ඇති අතර, එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන්ද කලක් ද්විත්ව පුරවැසියෙකුව සිටි බැවින් එම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ 20වැනි සංශෝධනයට ඇතුළත් කර ඇති වගන්තිය ඉවත් කිරීමට එකඟ විය නොහැකි බවයි.
හදිසි පනත් සම්මත කිරීමට අදාළව 'ජාතික ආරක්ෂාව හා හදිසි ආපදා තත්ත්වයන් පිළිබද පමණක්' හදිසි පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත හැකි ලෙස එම වගන්තිය සංශෝධනය කිරීමට නියමිතය.

popular news
-
Demuni Uduwara Tuesday, 20 October 2020 08:27 PM
Don't give us wrong precedence. Repercussion will follow.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

