දළඳා මාලිගා පරිශ්‍රය ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළ බංගලි ජාතිකයෙක් අත්අඩංගුවට
මහනුවර ශ්‍රී දළදා මාලිඟා ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයෙකු දාළදා මාලිගාවේ පොලිස් ඒකකය විසින් අද (05දා) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව ජනාධිපති මන්ධිරයද පිහාටා තිබේ. ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිත කිරීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ලබා ගත් බවය.
සැකකරු සතු ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරතකනයක් සමග කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලීසිය භාරයට ගෙන ඇත.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත සංචාරක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉද්දමල්ගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්දව විමර්ශන සිදුකරනු ලබයි.




popular news
-
samson de silva Saturday, 06 November 2021 06:29 AM
Ara Bangladeshwalin gaththu naya aapasu gewanna beri wunoth Dalada Maaligaawa Bangladeshwalata pawaraa geneemata puluwanida kiyalaa balannata podi pahey survey ekak karanawaa wenna ethi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

