දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට
ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා දෛනිකව සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහ විහාර පාර්ශ්වයට පැවරීම ඊයේ (28දා) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි.
එය සිදුකරනු ලැබුවේ පෞරාණික චාරිත්රාකුකූලව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි.
පැරණි රජ දවස පටන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු අස්ගිරි උභය මහ විහාර මගින් සිදු කරන අතර, වසරක් හැර වසරක් ගෙවී යන පරිදි තේවා කටයුතු මාරුවෙන් මාරුවට මෙම දෙපාර්ශ්වය වෙත පැවරේ. මල්වතු මහ විහාරයට පැවරී තිබූ වසරක කාලය පසුගිය ඇසළ පුන් පොහෝ දිනයෙන් අවසන් විය.
මේ අනුව මෙම වසරේ ඇසළ පුන් පොහෝ දිනට පසුදින සිට ලබන වසරේ ඇසළ පුන් පොහෝ දින දක්වා දළදා මාලිගාවේ තේවා කටයුතු අස්ගිරි මහ විහාර පාර්ශ්වය මගින් සිදු කිරීමට නියමිතය.
චමිල් රූපසිංහ

popular news
-
Champa Sunday, 29 July 2018 10:17 PM
මේ චාරිත්‍ර මේ විදියට දිගටම පවත්වා ගෙන යන එක ගැන අස්ගිරි මල්වතු දෙපාර්ශවයට ස්තූති වෙන්න ඕනේ. පන්සල් සහ දේවාල ආශ්රිත අපේ සිරිත් විරිත් වලින් තමයි අපේ සංස්කෘතිය හැඩ ගැස්වෙන්නේ. අපේ අනන්‍යතාවය පවතින්නේ අපි අපේසිංහල සංස්කෘතිය සහ බොදු සිරිත් විරිත් ආරක්ෂා කර ගත්තොත් විතරයි.
Reply : 0 1
chris Monday, 30 July 2018 10:02 AM
දළදා වහන්සේ අයිති අස්ගිරියටයි ,මල්වතු වලටයි විතරද ? ඇයි ඔය තේවාවන් අමරපුර ,රාමයිය නිකායවල් වලට දෙන්න බැරි ? බුදුන් වහන්සේ අවසර දීල තියෙන්නේ අර දෙගොල්ලන්ට විතරද? කොහේ බැලුවත් බේදය.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

