ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරිම, ආපදා අවස්ථාවන් පෙර හඳුනාගැනීම, ඉන් ජනතාව දැනුවත් කර ආපදා අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර ආපදා අවස්ථා වලදී ක්‍රියාත්මක වන සියලූම ආයතන එකම කාර්යාලයක සම්බන්ධීකරණය කිරීම සඳහා දේශගුණික අවබලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක් අද විවෘත කෙරිණි.
වාරිමාර්ග දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරිම සිදු විය.
මෙහි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ධිවර අමාත්‍යාංශය , නාරා ආයතනය ආදි සියලූම ආයතන වලට අදාලව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නියෝජනය විය.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය පාසිල් කාසිම්, RIMES ආයතනයේ අධ්යක්ෂ ඒ. ආර්. සුබ්බයියා, ආචාර්ය ශ්‍රිනිවාස්. වාරිමාර්ග අධ්යක්ෂ ජෙනරාල් මෝහන් රාජා මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සිසිර කුමාර මහතා, වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් අල්විස් මහතා, කාලගුණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඒ. කේ. කරුණානායක මහතා, අපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්යක්ෂ බි්රගේඩියර් අතුල මහතා, ඇතුළු නිලධාරීන් ලෝක බැංකුව සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් ද මෙහිදී හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
