දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම 28 දා එයි
එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළැඹෙන 28 දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි මෙන්ම රෝහිත් ශර්මා ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම සංචාරයට එක් නොවේ .
ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය නවසීලන්තයට එරෙහිවත් ඉන් අනතුරුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියක්ද පැවැත්වීමට නියමිත හෙයිනි.
ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය භුවනේෂ්වර් කුමාර්ට හිමිව තිබේ.
ඉන්දීය සංචිතය - ශිකර් දවාන් (නායක), ප්‍රිත්වි ශා, දෙව්දත් පඩික්කල්, රුතුරාජ් ගායික්වඩ්, සූර්ය කුමාර් යාදව්, මනීෂ් පාණ්ඩේ, හර්දික් පාණ්ඩයා, කෘනාල් පාණ්ඩ්‍යා, නිටිෂ් රානා, ඉෂාන් ක්‍රිෂාන් (කඩුලු රකින ක්‍රීඩක) සන්ජු සැම්සන් (කඩුලු රකින ක්‍රීඩක), යුස්වේන්ද්‍ර චහාල්, රාහුල් චහාර්, කේ. ගොව්තුම්, කුල්දීප් යාදව්, වරූන් චක්‍රවර්ති, බුවනේෂ්වර් කුමාර් (උපනායක), දීපක් චහාර්, නව්දීප් සයිනි, චීටන් සකාරියා
තරග කාලසටහන (සියලු තරග ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වේ)
එක්දින තරග තුන ජුලි 13, 16 හා 18 දා දිවා රාත්‍රී තරග ලෙසින්
විස්සයි20 තරග තුන ජුලි 21, 23 හා 25 දා රාත්‍රී තරග ලෙසින්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                