දරුවන් කෘෘරත්වයට පත් කරන්නන්ට වසර 2ක් දක්වා සිර දඬුවම්
කුඩා දරුවන් කෘෘරත්වයට පත් කරන්නන්ට අවුරුදු 02 - 10ත් අතර සිර දඬුවමක් ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අනුව පසුගිය දිනක කුඩා දරුවෙකුට බීර බෝතලයකින් යම් ද්‍රව්‍යයක් පොවා දරුවා කෘෘරත්වයට භාජනය කිරීමේ වරදට පුද්ගලයන් එම දරුවාගේ පියා ඇතුළුව හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 305 (අ) වගන්තිය යටතේ ළමයින් කෘෘරත්වයට භාජනය කිරීමේ වරද සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස 05ක කාලය තුළදී පැමිණිලි 98ක් හා පසුගිය වසරේදී පැමිණිලි 98ක් ලැබී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
අවුරුද්දයි මාසයක් වයසැති දරුවෙකු එලෙස කෘෘරත්වයට පත්වී තිබෙන බවත්, මෙම සිදුවීම පසුගිය 14 වැනිදා සිදුව ඇතැයි වාර්තාවන බවත් හෙතෙම සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 18 July 2018 08:35 AM
දෙන්න ඕනේ උපරිම දඬුවම. අවුරුදු 2 කතාව වැඩක් නැහැ. කෙලින්ම අවුරුදු 10ක්. මේ කිරි සප්පයෙක්. ඊටත් තමන්ගේම දරුවා. මහ කාලකන්නියෙක්. මේවාගේ දේවල් අහන්නත් සිද්ද වෙන්න එපා මීට පස්සේ. මාස 5ට දරුවන්ට වද දීපු පැමිණිලි 98ක්? දෙයියොනේ මේ අපි හැදුනු වැඩුණු සිංහල බෞද්ධ රටද?
Reply : 0 0
කපිල Wednesday, 18 July 2018 09:22 AM
ළමයා ජනප්‍රිය පාසලකට දාන්න හොර ඇඩ්රස් හදල ළමයට බොරු කියන්න උගන්වන දෙමාපියන්ටත් මෙම දඬුවම දියයුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

