දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගත් හේතුව වීඩියෝවක්
යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හදුන්ගොඩ මහතා ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පරිගණක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ද තහවුරු කළේය.
ඔහු ඊයේ රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඉකුත් 05/09 දින අරලිය ගහ මන්දිරයට පහර දීම සිදු වීමට ආසන්න අවස්ථාවකදී , එම ස්ථානය ඉදිරිපිට සිට ඒ පිළිබඳ ජනතාව කුපිත වන ආකාරයේ වැඩසටහනක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය .
මේ පිළිබඳව අවස්ථා දෙකකදී කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත කැදවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඉන්පසුව දර්ශන හදුන්ගොඩ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ඔහු අත්අඩංගුවට ගත් සැනින් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.
popular news
-
Athula Monday, 06 February 2023 12:35 PM
ඔහුට අයිතියක් නැද්ද ඔහුට දැනෙන දේ ප්‍රකාශ කරන්න? උඹලට ඕන දේ විතරයිද කියන්න ඕනෙ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
